වර්ණ ඔබ අමතයි
අද්විතීය මනසකට උරුමකම් කියන මිනිසාද අමුතුම ආකාරයේ ජීවියෙකි.මේ අද්විතීය මිනිස් මනස තුළ පැන නගින සිතුවිලි තේරුම් ගැනීම පවා ඉතා අසීරු කාර්යයකි.මේ මනස තුළ ඇති සිතුවිලි ඉදිරිපත් කරන හා සිතුවිලි තේරුම් ගත හැකි ක්‍රම කිහිපයකි.එහිදී ඇතැම් අය සිය සිතුවිලි සමුදාය වචන මගින් ඉදිරිපත් කරති.තවත් අය අගපසඟ හා මුහුණේ ඉරියවු මගින් සිය සිතුවිලි ඉදිරිපත් කරති.එසේම තවත් පිරිසක් කවි,ගී,නිසදැස් ඔස්සේ සිය සිතුවිලි ලෝකයා වෙතට මුදාහරියි.මේ සියල්ලටම අමතරව මිනිස් හැගීම්,සිතුවිලි වරණ ඔස්සේ ඉදිරිපත් කරයි.එනම්,අප ජීවිතය තුළ අප යොදාගන්නා ඇතැම් වර්ණයන් ඔස්සේ අප විසින් ලෝකයාට අපගේ මනෝභාවයන් පිළිබඳ යම් පණිවිඩයක් ඉදිරිපත් කරයි.මෙම වර්ණ මගින් යම් යම් දේ ප්‍රකාශ කිරීම බහුලව නාට්‍ය කලාව තුලද දක්නට ලැබේ.
වේදිකා නාට්‍යයක් නරඹන ඔබට පසුතලයේ යොදාගෙන ඇති වර්ණයන් ඔස්සේද නාට්‍යය පිළිබඳව යම් අදහසක් මනසට ගලා එනවා නොවේද?.පසුතල දැකීම හරහා එම නාට්‍යයේ කතා පුවතේ ස්වභාවය, එහි සමාජ පසුබිම වැනි විවිධාකාර මනෝභාවයන් ඔබ තුළ හට ගනු නියතය. ඒ හා හරහා නාට්‍ය පිළිබඳ දළ අදහසක් ඔබට ඇති කරගගත හැක
එසේම මදකට හිතන්න ඔබ දැන් අසුන්ගෙන ඉන්නේ වේදිකා නාට්‍ය ශාලාවක බව. වේදිකාව මතට ඉතා සෞම්‍ය රත් පැහැති ආලෝකයක් ගලා එයි.එවිට ඔබේ මනසේ ඇතිවන මනෝභාවය කිනම් ආකාරයේ එකක් විය හැකිද ?මේ ආකාරයට වේදිකාව මත මැවෙන සෑම ආලෝකයක් ඔස්සේම නාට්‍යයේ පෙළ විග්‍රහ කරයි.නාට්‍ය කලාව තුළ ආලෝක වර්ණ තවත් එක් භාෂාවක් සේ ක්‍රියා කරයි.
මෙම ලිපිය හරහා අප අවධානය යොමු කරන්නේ වර්ණ හරහා ගොඩ ගොඩනැඟෙන විවිධ මනෝභාවයන් පිළිබඳවයි
මේ අනුව දෘශ්‍යමාන කලාකෘතියක වර්ණ පිළිබඳ හැඟීම් සංජානනය වන්නේ මතු සඳහන්හන් ආකාරයෙනි
•රතු : ආවේගය
නව යෞවනය
ප්‍රමුඛත්වය
කාමය
ජවසම්පන්නබව
විප්ලවවාදී බව
ආදරණීය බව
•තැඹිලි : උණුසුම් බව
උද්යෝගය
මනෝහරබව
මිත්‍රශීලී බව
පැහැදිලි බව
සමාජයීය බව
විනෝදය
•කහ : සර්වශුභවාදී බව
ප්‍රීතිමත් බව
නව යෞවනය
ගිම්හානය
විනෝදය
ශක්තිජනකබව
•රෝස : සමාජශීලි බව
ගෞරවනීය බව
ආදරණීය බව
කොමල බව
සැලකිලිමත් බව
උණුසුම් බව
නවීණත්වය
කොළ : පරිසරය
ධනාත්මක බව
පහත් බව
තුල්‍යතාවය
සාමකාමී බව
නිදහස් බව
ධනවත් බව
දැඩි විශ්වාසය
ස්වභාවිකත්වය
•දම් : කල්පනාකාරී බව
සාමකාමී බව
උදාර බව
සත්‍ය බව
නිරහංකාර බව
නිර්මාණාත්මක
•නිල් : නිශ්චිත බව
නිර්භය
දැඩි විශ්වාසය
පිරිසිදුකම
ලෙන්ගතුබව
දියුණු වීම
වැදගත් බව
•සුදු : පිරිසිදු බව
පැහැදිලි බව
අහිංසක බව
සුභවාදී බව
මේ අනුව දෘශ්‍යමාන කලාකෘතියක වර්ණ භාවිතය පිළිබඳ යම් අදහසක් අපට ලබාගත හැක
සම්පාදනය : දිනිති චන්දුලා
No comments:
Post a Comment